ජාතික ආරක්ෂාවේ ඉහළම තැන ෆොන්සේකාට දෙනවා – ශ්‍රී මුඛය වචනය ගැන බැගෑපත්ව සමාව ගන්නවා
තමා අතින් කියැවුණු ශ්‍රී මුඛය නමැති වචනයට ජනතාවගෙන් සහ මහා සංඝරත්නයෙන් සමාව ගන්නා බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කීවේය. එමෙන්ම සිය රජයක් යටතේ ජාතික ආරක්ෂාවේ ඉහළම තැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන බවද ඔහු කීවේය. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම සඳහා කොළඹ, ගාලු මුවදොර පිටියේදී ඊයේ (10 වැනිදා) පැවති සමාරම්භක රැලියේදී ඔහු මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස,
මගේ කතාවකදී අත්වැරද්දකින් මට කියැවුණා මගේ මුඛයට ශ්‍රී මුඛය කියලා. මගේ අතින් සිදුවූ අඩුපාඩුවට එම වචනයට මම රටේ ජනතාවගෙනුත්, මහා සංඝරත්නයෙනුත් බැගෑපත්ව සමාව ගන්නවා. මගේ අතින් යම් අතපසුවීම් සිදුවුණාම ඒවා අවම කරගන්නට මම කටයුතු කරනවා. ජනතාවගෙන් සමාව ගන්න මම පැකිලෙන්නේ නෑ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කාඩ් බෝඩ් වීරයෙක් නොවෙයි. ඔහු මහ පොලොවේ සැබෑ වීරයායි. අපිට පෞද්ගලික මති මතාන්තර වාද භේද වැඩක් නෑ. මම වැඩකාරයෝ ටික එකතු කරලා රට ගොඩනගනවා. සරත් ෆොන්සේකා මේ රට දැය වෙනුවෙන් ඉෂ්ට කරපු සේවයට පසුගිය කාලයේ කෙලෙහිගුණ දැක්වූවේ ජම්පර් අන්දවලා. ජම්පර් අඳින එක තීරණය වෙන්නේ දේශපාලනඥයන්ගෙන් නෙවෙයි අධිකරණයෙන්. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මේ රටේ ත්‍රස්තවාදය විතරක් නොවෙයි කුඩු විනාශ කිරීමේ වගකීම තියෙනවා යැයි සජිත් ප්‍රේමදාස කීවේය.
අජිත් අලහකෝන්/සාලිය කුමාර ගුණසේකර
