News

පළාත් සභා යටතේ පවතින පාසල් 8 ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

පළාත් සභා යටතේ පවතින පාසල් 8 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල – විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර – උහන මහා විද්‍යාලය මෙලෙස ජාතික පාසල් බවට පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ කුලියාපිටිය සාරානාත් විද්‍යාලයද ජාතික පාසල් බවට පත් කිරීමට කටයුතු යොදා ඇත.

එයත් සමඟ ජාතික පාසල් සංඛ්‍යාව 370 දක්වා ඉහළ නැංවෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම පාසල් කිසියම් හේතුවක් මත ජාතික පාසලක් ලෙස මධ්‍යම රජයට පවරා ගැනීම සම්බන්ධ ව එකඟතාව පළ නොකරන අධ්‍යයන හා අනධ්‍යයන සාමාජිකයින් යම් පාසලක සිටී නම් ඔවුන් වසර 3ක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය ‍සේවයට මුදාහැරීමට ද අවස්ථාව සලසා ඇත.