News

කාලගුණයෙන් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය අද (14) රාත්‍රී 10.00 දක්වා කාලය තුළ වලංගු වේ.

එම නිවේදනය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය හා වව්නියාව දිස්ත්‍රික්වලවත් තැනින් තැන සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබේ.