පළාත් රැසකට අදත් අකුණු සහිත තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් අපේ්ක්ෂිත වන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
