News

චරිත රත්වත්තේ සහ අජිත් ඩයස් ජනාධිපති කොමිසමට

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ සහ ශ්‍රී ලංකා ගුවන් සමගාමේ හිටපු සභාපති අජිත් ඩයස් යන මහත්වරුන් පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා ඇත.

මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ඔවුන් කැඳවා ඇති අතර ඒ සාක්ෂි විභාගයේදී චරිත රත්වත්තේ හා අජිත් ඩයස් යන දෙදෙනා සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත්ව ඇති බැවින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙලෙස කරුණු දක්වන ලෙස කොමිසම දැනුම් දී ඇති බව වාර්තා වෙයි.