News

ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනාට විශේෂ ආරක්ෂාවක්

මෙවර ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකු සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම අපෙක්ෂකයින් සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නව ආරක්ශක සම්බන්ධිකාර නිලධාරීන් පත් කිරීමට කටයුතු කර ඇත.

ජනාධිපතිධුර අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන්ට විශේෂ ආරක්ෂාවක් යොදන ලෙස බුද්ධි අංශ විසින් පොලීසියට හා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

ඒඅනුව එම අපේක්ෂකයින් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු නව ආරක්ශක සම්බන්ධීකාර නිලධාරීන් ලෙස පත් කිරිමට පියවරගෙන ඇත.