News

Update – පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය ගිවිසුමට අත්සන් තබයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය අතර එකගතා ගිවිසුමකට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ සුභ නැකතින් කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිනි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ සභාපති ජී. එල් පිරිස් මහතා සහ ලංකා කම්කරු කොංග‍්‍රසය වෙනුවෙන් එහි නායක ආරුමුගන් තොන්ඩමන් මහතා ගිවිසුම් වලට අත්සන් තැබීය.

ජයාරූප – ලලිත් පෙරේරා


පොහොට්ටුවට කුකුළා එකතුවීමේ ගිවිසුම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්‍රසය අතර වූ ගිවිසුම අත්සන් කිරීම අද (18 දා) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් පසුගියදා පැවසුවේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළකරන බවයි.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (19 වැනිදා) පදනම් ආයතනයේ දී සිදු කෙරේ.

චමින්ද සේනාරත්න