කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි
හෙට රාත්‍රී 9.00 සිට පැය 18ක කාලයක් කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
කොටුව, පිටකොටුව සහ කොළඹ 9 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළ අතර මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
