හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර්ගේ සහය සජිත්ට
පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇත.
කොළඹ වොක්ස්හෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
