රු. මිලියන 32ක් වටිනා රන් බිස්කට් සහ ආභරණ සමග ගුවන් තොටුපළ සේවකයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 32ක් වටිනා රන් බිස්කට් සහ රන් ආභරණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ පුද්ගලයෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවය කරන සේවකයෙකු බවයි.
අද උදෑසන 9.45ට පමණ සැකකරු විසින් මෙලෙස මෙම රන් බිස්කට් සහ ආභරණ ගුවන් තොටුපළෙන් පිට කිරීමට උත්සාහ දරා තිබේ.

