අගමැති රනිල් ජනපති කොමිසමට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද දෙවන දිනටත් පැමිණ තිබේ.
ඒ, මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවල වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළ සාක්ෂි ලබා දීම සඳහාය.
මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි දේපළවලට වූ හානිය පිළිබඳව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.
මෙම විමර්ශනයට අදාලව වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති එම්.බණ්ඩාර දිසානායක මහතා, දයා ගමගේ අමාත්‍යවරයා සහ මත්තල ගුවන් තොටුපලේ කළමනාකරු නලින් උපුල් කලංසූරිය මහතා සාක්ෂි ලබාදී තිබුණි.
