News

බස් රථ දෙකක් ගැටී 42ක් රෝහලේ – අයෙක් මරුට

කොළඹ, මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නයේදී ඊයේ (23) රාත්‍රී 11.30 ට පමණ ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් බස් රථ දෙකේම රියදුරන් හා මගීන් 42 දෙනෙකු පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල්ගත කිරීමෙන් පසු ලංගම බස් රථයේ රියදුරු මියගොස් ඇති අතර ලංගම බස් රථයේ රියදුරු තවත් බස් රථයකට අපරීක්ශාකරී ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබයි.