ගෝඨා ජනාධිපති කරවීමෙන් වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගත හැක
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරවිමෙන් අනතුරුව වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගැනිමට හැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා අද (24) හැටන් දික්ඔය ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිත වැඩ කරන ජනතාව වෙනුවෙන් පැවැත්වූ රැස්විම් කිහිපයක් අමතමින් ආරුමුගන් තොණ්ඩමන් මහතා එ ඒ බව ප්‍රකාශ කළේය.
