මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 1500 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
නිවේදනයක් මගින් මැතිවරණය කොමිෂන් සභාව සදහන් කර ඇත්තේ පසුගිය 08 වැනිදා සිට ඊයේ (24) දින තෙක් වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 1618ක් බවයි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.
එම සංඛ්‍යාව 1537ක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

