News

මුස්ලිම් පාසල් හැර සියලු දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා නිවාඩු

මුස්ලිම් පාසල් හැර සියලු දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ලබන ඉරිදාට යෙදෙන දීපවාලි උත්සවය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

වෙනත් සුදුසු දිනයක එම නිවාඩු දිනය වෙනුවට පාසල් පවත්වන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත.