News

තංගල්ල නගර සභාවේ හිටපු නගරාධිපති 30 වන දා දක්වා රිමාන්ඩ්

තංගල්ල නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අද තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත වරුෂවිතාන හමුවට එම සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව

2013 වසරේ තංගල්ල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ රුපියල් හය ලක්ෂ හැටදහසක් වටිනා ගිනි නිවීමේ උපකරණ නගර සභාවට යළි භාර නොදීම සහ පෙර පාසලකට ලබාදුන් මල්ටි මීඩියා යන්ත්‍රයක් හා එහි තිරය අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.