ජනාධිපතිවරණය අවසන් වූ විගස දින 60ක සහන පැකේජ අයවැයක්
නොවැම්බර් 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජය ගැනීමෙන් පසුව දින හැටක විශේෂ සහන පැකේජයක් යටතේ අයවැයක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු පැවසීය.
2018 වසරට ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනය යටතේ එම සහන පැකේජය ලබාදෙන බව ඔහු සඳහන් කළේය.
එසේ ඉදිරිපත් කරනු ලබන කඩිනම් අයවැය දින හැටක් ඉලක්ක කරගෙන ඉදිරිපත් කරන අතර, ලබන වර්ෂය සඳහාද කඩිනමින් අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව ඉදිරිපත් කරනු ලබන දින හැටක සහන පැකේජයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන අතර ගෑස්, විදුලිය, ජලය හා පාසල් ළමුන්, ගැබිනි මව්වරුන් සහ ගොවි හා පශු සම්පත් ආදී සෑම ක්ෂේත්රයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර එය ඉදිරිපත් කරන බව ඒ මහතා සඳහන් කළේය.
චමින්ද සේනාරත්න
