අපේක්ෂකයන් 35කගේ ප්රතිපත්ති නිවෙස්වලට යැවීමට තැපෑලට කෝටි 300ක වියදමක්
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්රතිපත්ති ප්රකාශ තැපැල් ගාස්තු අය කිරීමකින් තොරව ජනතාවට බෙදාහරින බවත්, එම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන තුන්දහසකට අධික ප්රකාශිත නොවන වියදමක් දැරීමට සිදුවන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න කීවේය.
ග්රෑම් විස්සක් බරැති ලිපියක් සඳහා රුපියල් පහළොවක (15/-) තැපැල් ගාස්තුවක් වැයවන බවත්, අවම බර සහිත ප්රතිපත්ති ප්රකාශ තිස් පහක් (35) නිවාස පනස් හතර ලක්ෂයකට (5,400,000) බෙදා හැරීමේදී දෙපාර්තමේන්තුවට ප්රකාශිත නොවන විශාල වියදමක් දැරීමට සිදුවන බව තැපැල්පතිවරයා පැවසුවේය.
කෙසේ නමුත් ඇතැම් ප්රතිපත්ති ප්රකාශ අවම බරට වඩා වැඩිවිය හැකි බවත් තැපැල්පතිවරයා කීවේය.
සාලිය කුමාර ගුණසේකර
