News

ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ

වසා දැමූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය නාය යාමකට ලක්ව ගල් හා පස් මාර්ගයට කඩාවැටීම හේතුවෙන් තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් සඳහන් කළේය.

වැල්ලවායේ සිට මාර්ගය වසා දමා ඇති ස්ථානය දක්වා බස්රථ ධාවනය සිදුවන අතර කුඹල්වෙල හන්දියේ සිට හා නමුණුකුළ මාර්ගයෙන් ඇල්ල නගරයට පිවිසීමට හැකි බවත් විකල්ප මාර්ග ලෙස කරදගොල්ල අඹ දණ්ඩේගම මාර්ගය,පස්සර – නමුණුකුල මාර්ගය සහ කොස්ලන්ද බණ්ඩාරවෙල මාර්ගය භාතික කළ හැකි බව අපදා කළමනාකරණ ඒකකය මගීන්ට දැනුම් දී ඇත.