මිහින්තලේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරුට – 11කට තුවාල
මිහින්තලේ , අඹගහවෙල හන්දිය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අනුරාධපුර සිට පැමිණි ජීප් රථයක් සහ ත්‍රිකුණාමලයේ සිට පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළ අතර එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් 45 හැවිරිදි කාන්තාවකි.
තුවාල ලැබූ පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
