වාහන ලියාපදිංචි කිරීමේ සේවා කටයුතු තාවකාලිකව නතර කරයි
කාණ්ඩ කිහිපයක්ට අයත් වාහන ලියාපදිංචි කිරීමේ එක් දින සේවාව වහාම ක්‍රියාත්මකවන පරිදි නතර කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ,අධ්යක්ෂ ජනරාල් ජගත් චන්ද්‍රසිරි පවසයි.
ඒ අනුව, වාහන අංක කණ්ඩ යටතේ 64,65,32,ජී.ඒ සිට ජී ඉසඩ් දක්වා වාහන ද කාණ්ඩ අංක එච්.ඒ සිට එච් ඉසඩ් දක්වා ජේ. ඒ සිට ජේ ඉසඩ් දක්වා අයත් සියලුම වාවහන වලට අදාළව සියලුම සේවා නැවත දන්වන තුරු අත්හිටු වීමට තිරණය කර තිබේ.
මෙයට අමතර,මෝටර් කාර් පන්තියට ගැනෙන සියලුම රථ හා සියලුම කැබ් රථ,ජීප් රථ වෑන් රථ ද ද්විත්ව කාර්ය වාහන ද ලොරි රථවල ද එක් දින සේවා මේ අනුව අත්හිටුවා තිබේ.
මේ සියලුම වාහන වල මුල් ලිපි ගොණු පරික්ෂාකර ඒ සම්බන්ධයෙන් සැහීමකට පත්වන බවත්,මෝටර් රථ ප්‍රවාහන දොපාර්තමේන්තුවේ නිලධාරිහු සහතික කිරීමෙන් අනතුරුව,ලියාපදිංචි සහතික මුද්‍රණයට යොමු කරන බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ,අධ්යක්ෂ ජනරාල් ජගත් චන්ද්‍රසිරි අප සිදු කළ විමසුමක දී ප්‍රකාශ කළේය.
