ශ්රී ලංකා පොදුජන සන්ධානයේ ගිවිසුමට අත්සන අද
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛව ගොඩනැගෙන ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ගිවිසුම අද (31 වැනිදා) පෙරවරුවේ ශ්රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් තැබේ.
පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම සන්ධානයට එක් වන ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂවල නායකයෝ මෙම අවස්ථාවට සහභාගි වෙති. ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මැතිවරණ සඳහා ඒකාබද්ධව තරග කිරීම ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අරමුණ වෙයි. සන්ධානයේ ලකුණ පුටුව ය.
නිලන්ත මදුරාවල
