News

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වාණිජ ගුවන් ගමන් 10 වනදා සිට ඇරඹෙයි

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉන්දියාවේ චෙන්නායි සහ ට්‍රිචි ගුවන් තොටුපොළ වෙත දෛනිකව වාණිජ ගුවන් ගමන් ලබන 10 වනදා සිට ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.

ඉන්දීය ගුවන් සමාගමක් විසින් එම ගුවන් ආරම්භ කරන බවත් මෙරට ගුවන් සමාගමක් ද සතියකකට දින 03 බැගින් යාපනයේ සිට දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපොළවල් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.