අපනයන සඳහා සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 25,000 ක් උස්වැටකෙයියාව ප්රදේශයේ කාර්මාන්ත ශාලාවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.
එහි කලමණාකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ කසළ තේ තොගය වත්තල පොලීසියට බාර දී තිබේ.