ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් 5ක් මාට්ටු
බෙලිඅත්ත, තිහලුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෝටර් රථයකින් ගොස් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු ව්‍යාජ මුදල් ලබාදී වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගනිමින් සිටියදීඅත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 18ක්, 1000 ව්‍යාජ නෝට්ටුවක් සහ භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව ඉතිරි මුදල් ලෙස ලබාගත් රුපියල් 65000ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුබැද්ද හා බිංගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
