News

චන්ද්‍රිකා අමතන රැලිය අද කොළඹදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) සවස 2ට විශේෂ සමුළුවක් පවත්වයි.

හිටපු ජනාධිපතිනියට අමතරව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, බේරුවල ආසන සංවිධායක එම්.ඒ. අම්සාඩ් සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සංජය සිරිවර්ධන සමුළුව අමතති.

අපි ශ්‍රී ලංකා යන සංවිධානය ලෙස හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළකිරීමට ඉදිරිපත්ව සිටිති.
නිලන්ත මදුරාවල