මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට එරෙහිව හිමිනමක් උපවාසයක් අරඹයි
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පා භික්ෂූන් වහන්සේ නමක් උපවාසයක් ආරම්භ කර තිබේ.
අප වාර්තාකරු සදහන් කළේ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි මෙලෙස උපවාසයක් ආරම්භ කර ඇති බවයි.
අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී උපවාසය ආරම්භ කරමින් උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටියේ මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නිල ප්‍රකාශයක් සිදුකරන තෙක් තමන් වහන්සේ මාරාන්තික උපවාසයේ නිරත වන බවයි.
