News

වවුනියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට පහරදෙයි – පස් දෙනෙකුට තුවාල

වවුනියාව විදුලිබල මණ්ඩල කාර්යාලයේ සේවය කළ විදුලි අධිකාරිවරයෙකු ඇතුළු විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසකට කිසියම් පිරිසක් ඊයේ(04) සවස පහරදීම හේතුවෙන් විදුලි අධිකාරිවරයා ඇතුළු විදුලිබල මණ්ඩලයේ සේවකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව විදුලිබල මණ්ඩල කාර්යාලයේ නිළධාරීන් පවසයි.

වවුනියාව,ආච්චිපුරම්,10 වන පටුමඟ ප්‍රදේශයේ නිවසක විදුලිබිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම වෙනුවෙන් ගිය විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරයෙකු ඇතුළු විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් අදාළ ප්‍රදේශයේ පුද්ගල කණ්ඩායමක් එලෙස පහරදි තිබිණ.

අදාළ කණ්ඩායම පහරදීම හේතුවෙන් වවුනියාව විදුලිබල මණ්ඩල කාර්යාලයේ සේවය කළ විදුලි අධිකාරිවරයෙකු ඇතුළු සේවයකයින් පස් දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට තිබිණ.

වවුනියාව විදුලිබල මණ්ඩල කාර්යාල නිළධාරීන් පැවසූවේ අදාළ පිරිස සිය වාහන වෙතද පහරදි අලාභහානි සිදුකොට ඇති බවයි.

පහරදීම සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වෙත පැමිණි කොට ඇති අතර, තුවාලකරුවන් වවුනියාව රෝහල් හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසුවේ කිසියම් පිරිසක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට පහරදි තුවාල සිදුකොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය