News

ගෝඨා නීත්‍යානුකූලව අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බව නීතිඥ අලි සබ්රි කියයි

පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූලව අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙක් බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.