තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කෙරේ
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
මේවනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත් හෙට (11) දිනයේ සිට ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත සඳහන් කළේය.
