මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගියදා හෙරොයින් සමග මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නියාමකවරයාගෙන් ලද තොරතුරුවලට අනුවය.
අදාළ සැකකරුවන් දෙදෙනා කාර් රථවලින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී ගල්දූව හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී හා මීටියාගොඩ රංගල්ල පාලම අසළදී අත්අඩංගුවට ගෙන ඇති අතර ගෝනපීනුවල පදිංචි 21 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 108ක් හා ජංගම දුරකතන 2ක් පොලීසිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.ගෙන ඇත.
