තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ
7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි.
අද මධ්‍යම රාත්‍රියේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.
තැපැල් ජන්ද ගණනය කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 371කදී මේ වනවිට ආරම්භ කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් සඳහන් කළ අතර ඡන්ද ගණනය කිරීම දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 1150ක් තුළ සිදුකෙරෙයි.
සාමාන්‍ය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1179ක් සහ තැපැල් ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 371ක් ලෙස එය සමන්විතව ඇත.
