News

ජනපතිවරණයෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති ගෙදර යයි

ජනාධිපතිවරණයේ කටයුතු අවසන්වීමෙන් අනතුරුව බලයට පත්වන නව ජනාධිපතිවරයාට සිය අස්වීමේ ලිපිය යවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීීවේය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කළ සැණින් අස්වීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, ජනාධිපතිවරණයට අදාළ ලේඛන සහ ගෙවීම් කටයුතු අවසන්වීමෙන් පසු අදාළ ලිපිය නව ජනාධිපතිවරයාට යවන බවද ඔහු කීවේය.

සාලිය කුමාර ගුණසේකර