කොළඹ ප්රදේශ කිහිපයක ජල සැපයුමට බාධා
අඹතලේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන ප්රධාන නළ මාර්ගයක අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කොටුව, පිටකොටුව, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත ආශ්රිත ප්රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
කොළඹ 12 හා කොළඹ 13 යන ප්රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළ අතර අද රාත්රීයට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය සඳහන් කළේය.
