අගමැති රනිල් අද ඉල්ලා අස්වෙයි – මහ මැතිවරණය තෙක් ජනපතිගෙන් භාරකාර ආණ්ඩුවක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුත් සීමිත කැබිනට් මණ්ඩලයකින් සමන්විත භාරකාර ආණ්ඩුවක් මීළඟ මහ මැතිවරණය තෙක් පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
