News

පුපුරණ ද්‍රව්‍ය ලෝග‍්‍රෑම් 53ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට කිලෝමීටර් 6 ක් පමණ දුරින් වූ ස්ථානයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය කොඩයිට් ලෙස සැක කෙරෙන අතර පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග‍්‍රෑම් 53 කට ආසන්න බව සනහන් කරයි.

යාපනය විශේෂ කාර්ය බලකායේ කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19) පස්වරුවේ කළ වැටලීමකදීමෙය සොයා ගෙන ඇත. එහිදී බලපත‍්‍ර නොමැතිව එම ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.