කථානායක පුටුව දුන්නොත් ගන්නවා – වාසු
ඉදිරි මාස තුනක කාලය සඳහා කථානායක ධුරය ලබා දෙන්නේ නම් එය භාර ගැනීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව කථානායක ධුරයේ රැඳී සිටීමට තමන්ගේ කැමැත්තක් නැති බවය.
තමන් වඩාත් කැමැත්ත දක්වන්නේ ක්‍රියාකාරී දේශපාලනයට බව කී වාසුදේව නානායක්කාර කථානායක ධුරය භාර ගන්නා ලෙසට මෙතෙක් තමන්ගෙන් ඉල්ලීමක් කර නැතැයිද චමල් රාජපක්ෂ කථානායක ධුරය හෙබවූ ආකාරයට කටයුතු කිරීමට තමන්ද සූදානම් බව වැඩිදුරටත් පැවැසුවේය.
අජිත් අලහකෝන්
