අගමැති මහින්ද මුදල් අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යධූරයේ වැඩභාර ගනු ලැබීය.
අද පෙරවරු 10.15ට පමණ අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ භාරගත්තේය.
අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පනතක් මගින් ඉදිරියේදී තහවුරු කරන බවයි.
මා මේ රටේ මුදල් අමැතිවරයා වශයෙන් පත්වන්නේ හතරවන වතාවටය. එලෙස පත් වූ සෑම අවස්ථාවකදීම විශේෂ අභියෝගවලට මුහුණදීමට සිදුවුන බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නැහැ.
මෙවර භාරදුන්නු කාර්ය භාරය මා හට පැවරී ඇත්තේ අපේ රටේ තීරණාත්මක අවස්ථාවක තිබෙන අදියරක බව මුදල් අමාත්‍යංශයේ ඔබ සියලුම දෙනා හොදටම දන්නවා.
මහ බැංකු අධිපතිවරයා පවසන තත්ත්වයට දැන් ආර්ථිකය වැටිලා.
අද එෆ්.සී.අයි.ඩී.යට අරන් යනවයි කියන එකට තමයි ඔක්කොම බය. රජයේ නිලධාරීන් ඔක්කොම අරන් ගියා.
නමුත් සත්භාවයෙන් කියන ක්‍රියාවන්වලට ඉදිරියේදී අනාගතයේදී පණතකින් ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම සදහා අවශ්‍ය පියවර ගන්නවා.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාතයංශයේදිත් සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

