රනිල් – සජිත් – කරූ අතර හමුවක් අද
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත.
මෙම හමුව කථානායකවරයාගේ පෞද්ගලික නිවසේදී අද පස්වරුවේ පැවැත්වෙන අතර මෙහිදී පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
එජාප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පසුගිය දා ලිඛිතව කථානායකවරයාට දැනුම්එ දුන්නේ විපක්ෂ නායක ධුරය නායක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙසය එදිනම එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක් කථානායකවරයාට භාර දෙනු ලැබුවේය.
