අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් පත් කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (27) පැවැති පළමු කැබිනට් හමුවේදී අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම තනතුරට පත් කිරීමට අනුමැතිය හිමිව ඇත.
අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා වන අතර 2006 වසරේ සිට 2015 වසර දක්වා එම ධුරය හෙබවූවේය.
