සජිත් හෙට සිට යළිත් දේශපාලන කටයුතු අරඹයි
සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලට අද (04දා) පැමිණ ඔහුට හිතවත් පිරිස් හමුවීමට සැලසුම් කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ හෙට සිට දිවයින පුරා පිහිටි විහාරස්ථානවල ආගමික කටයුතුවලට සම්බන්ධ වීමටත්, මහජනතාව හමුවීමටත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු යොදා ඇති බවය.
