එජාපයේ අන්ත පරාජයට මංගල-රන්ජන් වගකිව යුතුයි -නවින් දිසානායක
ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ අන්ත පරාජයට මංගල සමරවීර සහ රන්ජන් රාමනායක විසින් කළ ප්‍රකාශ බලපෑ බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක ඊයේ (04 වැනිදා) ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රන්ජන් සහ මංගල යන දෙදෙනාට මීළඟ මැතිවරණයේදී නාමයෝජනා ලබානොදෙන බවට පළවන පුවත් අසත්‍ය බව කී හෙතෙම පක්ෂය විසින් නාමයෝජනා ලබානොදෙන්නේ දූෂණ සහ වංචා චෝදනා ලැබූවන්ට සහ විනය පරීක්ෂණවලට ලක්වූවන්ට පමණක් බවද ප්‍රකාශ කළේය.
දේශපාලනමය වශයෙන් මත ප්‍රකාශ කිරීම නාමයෝජනා ලබා නොදීමට හේතුවක් නොවන බව කී නවීන් දිසානායක, මංගල සමරවීර සහ රන්ජන් රාමනායක විසින් සිදුකර ඇත්තේ සිය දේශපාලන මතය ප්‍රකාශ කිරීමක් බවද කීවේය.
අජිත් අලහකෝන්
