News

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ සැකකරුවන් 64ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ සැකකරුවන් 64 දෙනෙකු යළි මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද (05) පෙරවරුවේ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර නුවරඑළියේ පිහිටා තිබූ ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ පුහුණුව ලබා ඇත.