News

ප්‍රදේශ රැසකට අද මි.මී. 100ට වැඩි තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (05) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන්ද සබරගුමව, දකුණු සහ බස්නාහිර පළාත්වල (ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක) සහ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

එමෙන්ම උතුරු, උතුරුමද, නැගෙනහිර, උ$ව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.