සජිත්ට විපක්ෂ නායක ධුරය ලබාදෙන්න – අකිලගෙන් කථානායකට ලිපියක්
සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තනතුරට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් අද (05)කථානායක කරූ ජයසුරිය වෙත ලිපියකින් දැනුම් දී ඇත.
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (05) පැවති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගත තීරණයකට අනුව සජිත් ප්‍රේමදාස වෙත විපක්ෂනායක ධුරය පිරිනැමීමට එකඟතාවය පළ බවට ලේකම්වරයා කථානායකවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.

අජිත් අලහකෝන්
