News

පොහොට්ටු – නිදහස් පොදුජන සන්ධානයේ ලකුණට චන්ද්‍රිකා හරස් වෙයි

ඊළඟ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සලකුණ ලෙස ‘‘පුටුව’’ ලබා ගැනීම ගැටලුවක් වී ඇති බව වාර්තා වේ.

මීට පෙර එම සලකුණ පොදුජන එක්සත් පෙරමුණ භාවිත කළ අතර එහි නායකත්වය දැරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වන අතර එම පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළේ හිටපු අගමැති දිමු ජයරත්නයි. දිමු ජයරත්න අභාවප්‍රාප්ත වී ඇති නිසා එහි තීන්දු තීරණ ගැනීම මධ්‍යම කාරක සභාව මගින් සිදු කළ යුතු අතර විධායක සභාවේ සිටින වැඩි පිරිසක් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයන් නිසා ගැටලුවක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ලබාදීම සඳහා තීරණය කිරීමත් සමග හිටපු ජනාධිපතිනිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට කටයුතු කළේය.

චමින්ද සේනාරත්න