News

මහින්ද

මෙවරත් මහින්ද කරුණෑගලින්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වීමීට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට හිමිකම් කියනු ලැබුවා.