News

රාජිතගේ මාධ්‍ය හමුවේ සුදු වෑන් රියදුරන් බවට පෙනි සිටි රියදුරන් දෙදෙනා CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මහර ප්‍රදේශයේදීය.

ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ බවත් අනෙක් පුද්ගලයා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බවය.

එම නිසා සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.