News

ගංවතුරෙන් පීඩා විඳින ජනයාට ජනපතිගෙන් ස්ථිර විසඳුමක්

ගංවතුර හේතුවෙන් නිරන්තරයෙන් යටවන ගම්මානවල ජනතාවට ස්ථිර සාර විසඳුමක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ගංවතුරක් ඇතිවූ පසු පීඩාවට පත්වන ජනතාවට ආණ්ඩුව සෑම වසරකදීම වන්දි ගෙවනු ලැබේ. වන්දි ගෙවීම් වෙනුවට ස්ථිරසාර විසඳුමක් ලබාදීම ප්‍රායෝගික බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත. මෙම ගම්මානවල ජනතාව යළි පදිංචි කිරීමට හෝ වෙනත් විකල්ප විසඳුමක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකර තිබේ.

එහිදී ජනතාවගේ ජීවනෝපාය සහ පවුල් සබඳතා කෙරෙහිද අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ගංවතුරෙන් අවතැන් වූ රජරට කලාපයේ ජනතාවගේ සුවදුක් විමසීමෙන් පසු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

උදයජීව ඒකනායක