සුනාමි ව්‍යසනයට අදට වසර 15යි
සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 ක් සපිරේ.
2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි.
ඔවුන් සිහිපත් කරමින් අද සැමරුම් උත්සව සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
සුනාමි ව්‍යසනයෙන් මිය ගිය පුද්ගලයින් සිහිපත් කෙරෙමින් අද මිනිත්තු දෙකක නිශ්ෂබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පලි මහතා සඳහන් කළේ, අද දිනය ‘ජාතික සුරක්ෂිතතා දිනය’ ලෙස නම් කර ඇති බවයි.
ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මිය ගිය පුද්ගලයින් සිහිකර පෙරවරු 09.25 සිට 09.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර පැරෑලියේදී අනතුරට ලක්වූ දුම්රිය එංජිම සහිත විශේෂ දුම්රිය අද දිනයේ ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන එම දුම්රිය පෙරවරු 07.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරිමට නියමිතව ඇත.
